අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී සේවක අර්ථසාධක අරමුදලට (EPF) රුපියල් බිලියන ගණනාවක් පාඩු කළ කොටස් වෙළඳපොල ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණන වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබේ. සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකාවේ විශාලතම අරමුදල වන අතර එහි ඇත්තේ පෞද්ගලික අංශයේ රැකියා කරන සේවකයින් දහඩිය මහන්සියෙන් උපයාගත් මුදල්ය. […]

චීනයේ පැතිර යමින් පවතින නව කොරෝනා වෛරස පිළිබඳ මෙරට ජනතාවද වැඩි අවධානයකින් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ඒ දකුණු ආසියානු රටවල් කිහිපයකටද එම වෛරසය සීග‍්‍රයෙන් ව්‍යාප්ත විම හේතුවෙන්. උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව, හුස්ම ගැනිමේ අපහසුතාව, දියර ලෙස මලපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ […]

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකු අධිපති ධුරය දැරූ සමයේදී ඔහුගේ සමීප ඥාතීන් හතර දෙනෙකුම බැඳුම්කර මිලදී ගන්නා ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම්වල ඉහළ නිලතල දරා ඇති බව බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවී තිබේ. ඒ අනුව, අජිත් නිවාඩ් මහතාගේ සොයුරිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය ප්‍රශ්නගත පර්පචුවල් කැපිටල් හෝල්ඩිංස් […]

දෙමළ ජාතික සන්ධානයේ නායක, හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට තමන් ඉහළින්ම ගරු කරන බවත් ඒ මහතා භුක්ති විඳින යම් පහසුකමක් වේ නම් ඒවා ඉවත් කිරීමට රජය කිසිදු විටෙක කටයුතු නොකරනු ඇති බවත් සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ තමන්ට පසුගිය රජයෙන් ලබාදී තිබුණු […]

බලශක්ති, ඩෙංගු ශාක දිලීර යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් පිරිසක් විසින් සාර්ථකව පර්යේෂණ කරමින් සොයාගන්නා ලද අලුත්ම විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳව තොරතුරු මහජනතාව වෙත මුදා හැරීම 2020 ජනවාරි 17 වැනි දින ජාතික විද්‍යා පදනමේ ශ්‍රවණාගාරයේ දී සිදු විය. මෙම මාධ්‍ය හමුවේ විශේෂත්වය වනුයේ පසුගිය දින ජාතික විද්‍යා පදනම විසින් පර්යේෂණ සඳහා […]

උතුරු – නැගෙනහිර දෙපළාතේ කටයුතුවලදි දමිළ භාශාවට ප්‍රමුඛත්වය පිරිණැමිය යුතු බව එම ප්‍රදේශ වල දේශපාලකයින් කලක පටන් සිදුකරන ඉල්ලීමකි. එම ඉල්ලීම අනුව විමල් වීරවංශ මහතාගේ අමාත්‍යංශය යටතේ ඇති තල් සංවර්ධන මණ්ඩලයේ සෙල්වාරි තල් කෙදි නිශ්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් ඉදිකල නාම පුවරුවේ දමිළ භාෂාව ප්‍රමුඛව සඳහන් කිරීමට රජය ක්‍රියාකර ඇති […]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර තිබෙන කමිටුවේ කටයුතු අවසන් වූ වහාම ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ (MCC) ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කර එය ක්‍රියාවට නගන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය අද (14) ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ තානාපතිනි ඇලිස් […]

බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රා දේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට (සාරුවා සුනිල්) බරපතල වැඩ සහිත අවුරුදු 15ක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේය. ඊට අමතරව දැරියට ලක්ෂ දෙක හමාරක වන්දියක්ද තවත් රුපියල් 25000ක දඬයක්ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

කිසිදු මුස්ලිම් දේශපාලකයෙක් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොලිස් ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාව නියෝජනය කරන නීතිඥයා වන අලි සබ්රි මහතා වෙනත් පක්ෂවල මුස්ලිම් දේශපාලකයන් හා ජනාධිපතිවරයා අතර සම්බන්ධීකාරක වශයෙන් ක්‍රියා කරන බවද වාර්තා […]

ඉදිරි මහ මැතිවරණය සදහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හා කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා බහුජන නිදහස් පෙරමුණෙන් තරඟ කිරීමට සූදානම් වන බවද වාර්තාවේ. බස්නාහිර පලාත ඇතුළු දිස්ත්‍රික් කීපයකට අපේක්ෂක ලයිස්තු ඉදිරිපත් කිරීමට ඔවුන් සුදානම්වේ. මාතර,කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික් සදහා තරඟ කිරීම ස්ථිර බවත් ප්‍රබල දේශපාලන චරිත […]

වැල්ලවාය බස් නැවතුම ආසන්නයේ ඇති ගස් හේතුවෙන් වෙළඳ සංකීර්ණය දිස් නොවන බව පවසා ඒවා කපා දැමීමට ප්‍රාදේශීය සභාව තීන්දු කර තිබේ. මේ තාක් තමන්ට සෙවණ දුන් ගස් කපා දමන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය අත්තනෝමතිකව කටයුතු කරන නිසා බව ඊට ප්‍රතිචාර දක්වන ප්‍රදේශවාසීහූ පවසති. ඉතා වියළි සහ ඌෂ්ණාධික වැල්ලවායට […]

මේ වනවිටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබමින් පවත්වාගෙන යන බවත් ඉදිරියේදී ඉන්ධන මිළ ගණන්ද ඉහළ දැමීමට සිදුවන බවත් සම කැබිනට් ප්‍රකාශක අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය බවත් මේ වනවිට එය යම් මට්ටමකට පහළට පැමිණ ඇති නමුත් මෙරට තුළ ඉන්ධ […]

ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන දෙදෙනාද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සංචාරක ක්ෂේත්‍රයට අනුබද්ධ ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට පත්කරන ලෙස නිර්දේශ කර ඇති බවට වාර්තා වනවා. මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ලිපියක් මගින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ […]

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව ලබන 29 වනදා දක්වා දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. < p style=”box-sizing: border-box; margin: 0px 0px 26px; padding: 0px; font-family: ” malithi=”malithi” web=”web” =”text-decoration-color:” _18px=”_18px” _22px=”_22px” justify=”justify” rgb119=”rgb119″ _119=”_119″ normal=”normal” _300=”_300″ _2=”_2″ _0px=”_0px” none=”none” rgb255=”rgb255″ _255=”_255″ initial=”initial”>ඒ ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගත් […]

සංගීතවේදී ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. පසුගිය වසර කිහිපය පුරාම පැවති රජයේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම සඳහා ඉරාජ් වීරරත්න සිය නිර්මාණ හැකියාව භාවිතා කරමින් විශාල මෙහෙවරක් සිදුකල අතර ඒ හරහා වර්ථමාන රජය බලයට පත්වීම […]

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇත. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවන බැවින් ඒ, සඳහා පක්ෂය මෙම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ මහතාට සහ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දනිය වන ඩි‍ඩ්‍රේ ද ලිවේරා මහත්මියට රාජ්‍ය ආයතන අධ්‍යක්ෂක තනතුරු පිරිනමා තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනාම ගුවන් තොටුපල හා ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති […]

ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආයෝජන ව්‍යාපෘතියක් සඳහා කොළඹ, බේරේවැව අසල ඉඩම් අක්කර 6ක් ශැං ප්‍රොපටීස් නම් සමාගමක් වෙත 99 අවුරුදු බදු පදනමින් ලබාදීමට රජය තීරණය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියෙහි ප්‍රධාන පාර්ශ්වකරු වන ශැං සමාගම ශැංග්‍රිලා සමූහයට […]

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. පසුගිය කාලය තුළ විටින් විට දැඩි අසනීප තත්වයන්ගෙන් රෝහල්ගතව සිටි ඒ මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවිය. ජයලත් මනෝරත්නයන් යනු වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය මෙන්ම කලා ක්ෂේත්‍රයෙහි විවිධ ඉසව් ඔස්සේ සිය ප්‍රතිභාව පෙන්නුම් කළ විශිෂ්ඨයකු වූ අතර ඔහුගේ […]

කාර්ය මණ්ඩලයද ඇතුළුව මගීන් 176 දෙනෙකු සමග කඩා වැටුණු, යුක්රේන ජාතික ගුවන් සේවයට අයත්, බොයින් 737 ගුවන් යානාව අනතුරට ලක් වී ඇත්තේ, ඉරානයෙන් එල්ල වූ මිසයිල ප‍්‍රහාරයක් හේතුවෙන් බවට සැක පළ වේ. මෙය ඉරානය හිතාමතා එල්ල කළ ප‍්‍රහාරයක් නොවන බවත්, අත් වැරදීමකින් සිදුව ඇති දෙයක් බවටත් සැක කරයි. අදාල ගුවන් […]

අසර්බයිජානයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පුහුණු පාඨ මාලාවක නිරතවෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු ගින්නකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍යයක් වාර්තා කරයි. අදාළ ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21, 23 සහ 25 වන වයස්වල පසුවන සිසුවියන් තිදෙනෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය වෙත අදාළ […]

රජය විසින් විදෙස් රටවල් 04 ක් සඳහා නව තානාපතිවරුන් පත්කර තිබෙනවා. < p style=”box-sizing: border-box; margin-top: 0px; margin-bottom: 1rem; font-family: Malithi_Web, Helvetica; font-size: 18px; line-height: 31.5px; color: rgb(33, 37, 41); font-style: normal; font-variant-ligatures: normal; font-variant-caps: normal; font-weight: 400; letter-spacing: normal; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; […]

පාස්කු ප්‍රහාරයට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නිදහස් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් එවක හමුදාපති මහේෂ් සේනානායක මහතාට බලපෑම් සිදුකළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් ඊට අදාල පරීක්ෂණ ආරම්භ කර තිබේ. පාස්කු ප්‍රහාරයෙන් […]

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව සිසුන් 12ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පෙරේදා (08දා) ඇතිවූ ගැටුම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අද පෙරවුවේ මෙම සිසුන් 12 කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු හෙට (11දා) අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් […]

ඉදිරි මහමැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට සූදානම්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වාර්තා වේ. දීර්ඝ කාලයක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ මහතා 2015 මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එහිදී ඒ මහතා මනාප 423,529ක් ලබාගත්තේය. කෙසේවෙතත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ […]

2020 ජනවාරියේ ආණ්ඩුව විසින් ගෙවිය යුතු විදෙස් ණය වාරිකය රුපියල් ට්‍රිලියන එකක් වන බවත්, වත්මන් ආණ්ඩුවට එය ගෙවිය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එල්ලය ප්‍රවෘත්ති අංශය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් අවධාරණය කළේය. රටේ පාලකයින් මෙතෙක් නිවැරැදි ආර්තික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකළ බවත්, විශේෂයෙන්ම 2005 සිට ලංකාව විදෙස් […]

2020 වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසළොස්වක දින රාත්‍රියේ සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීමත් සමඟ මෙය සිදු […]

කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපල හමුදාකරණය කිරීම එහි සභාපතිවරයා විසින් ආරම්භ කර තිබේ. යාපනයේ හිටපු ආණ්ඩුකරවරයෙකු වන විශ්‍රාමික හමුදා නිලධාරී සී. වී. චන්ද්‍රසිරි මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා වේ. < p style=”box-sizing: border-box; margin: 0px 0px 1em; padding: 0px; border: 0px; font-style: normal; font-variant-ligatures: normal; font-variant-caps: normal; font-variant-numeric: inherit; […]

ආන්දෝලනයකට ලක්ව ඇති හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය පිළිබද අවසන් තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් කැඳවා පාර්ලිමේන්තුවේදී ජනවාරි 21 වැනිදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද […]

කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී, අධිකරණය මඟහරිමින් රටින් පළාගොස් සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව ලබාගෙන ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව නුදුරේදීම ඉවත් කෙරෙන ලකුණු පහළ වී තිබේ. එහි පළමු පියවර ලෙස ඊයේ (13) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ […]

Breaking News