‘MCC ගිවිසුම ක්‍රියාත්මක කරනවා‘ – ජනපති-අගමැති හමුවීමෙන් පසු ඇමරිකානු නියෝජිතවරිය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර තිබෙන කමිටුවේ කටයුතු අවසන් වූ වහාම ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ (MCC) ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කර එය ක්‍රියාවට නගන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය අද (14) ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ තානාපතිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවාය.

මේ අතර හම්බන්තොට වරාය ගිවිසුම අසාර්ථක සහ ශ්‍රී ලංකා ජනතාවට අසාධාරණයක් කරන ලද ගිවිසුමක් යැයි ද තානාපතිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය කීවාය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ලිපියක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුන් බව කී තානාපතිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය පුළුල් ඉන්දු ශාන්තිකර කලාපයක් සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ බව පැවැසුවාය.

ආරක්ෂාව, වෙළෙඳාම හා ආයෝජන ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද ඇය කීවාය.

ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ධුරය හොබවයි. එමෙන්ම ඇය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරයි.

මෙම අවස්ථාවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නියෝජ්‍ය සහායිකා සහ ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලීසා කර්ටිස් මහත්මිය ද මෙම අවස්ථාවට එක්වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

උතුරු නැගෙනහිර දමිළ භාෂාවට මුල් තැන දිය යුතුබව විමල් වීරවංශ පිළිගනී (PHOTOS).

Mon Jan 20 , 2020
උතුරු – නැගෙනහිර දෙපළාතේ කටයුතුවලදි දමිළ භාශාවට ප්‍රමුඛත්වය පිරිණැමිය යුතු බව එම ප්‍රදේශ වල දේශපාලකයින් කලක පටන් සිදුකරන ඉල්ලීමකි. එම ඉල්ලීම අනුව විමල් වීරවංශ මහතාගේ අමාත්‍යංශය යටතේ ඇති තල් සංවර්ධන මණ්ඩලයේ සෙල්වාරි තල් කෙදි නිශ්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් ඉදිකල නාම පුවරුවේ දමිළ භාෂාව ප්‍රමුඛව සඳහන් කිරීමට රජය ක්‍රියාකර ඇති<a class="read-more" href="https://www.channelred24.com/mcc-%e0%b6%9c%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/"> […]</a>

Breaking News