චන්ද්‍රිකා – ගම්පහට වෙල්ගම – කළුතරට බහුජන නිදහස් පෙරමුණෙන් මහ මැතිවරණයට.

ඉදිරි මහ මැතිවරණය සදහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හා කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා බහුජන නිදහස් පෙරමුණෙන් තරඟ කිරීමට සූදානම් වන බවද වාර්තාවේ.

බස්නාහිර පලාත ඇතුළු දිස්ත්‍රික් කීපයකට අපේක්ෂක ලයිස්තු ඉදිරිපත් කිරීමට ඔවුන් සුදානම්වේ. මාතර,කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික් සදහා තරඟ කිරීම ස්ථිර බවත් ප්‍රබල දේශපාලන චරිත සහිත අපේක්ෂක ලයිස්තු එම දිස්ත්‍රික්ක සදහා ඉදිරිපත් කළ හැකිබවත් පැවසේ.එජනිස,එජාප හා ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් එම ලයිස්තු සකස් වනු ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් චන්ද්‍රිකා මැතිනිය තරග කිරීම සම්බන්ධව අවසන් තීරණයක් ගෙන නැති අතර එම පෙරමුණේ ජාතික ලයිස්තුව සදහා චන්ද්‍රිකා මැතිනියගේ නම ඇතුළත් කරීමටද ඉඩද ඇතැයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කිසිදු මුස්ලිම් දේශපාලකයෙක් අත්අඩංගුවට ගන්න එපා..! ජනපති- අගමැති පොලිස් ප්‍රධානීන්ට දන්වයි.

Thu Jan 16 , 2020
කිසිදු මුස්ලිම් දේශපාලකයෙක් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොලිස් ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාව නියෝජනය කරන නීතිඥයා වන අලි සබ්රි මහතා වෙනත් පක්ෂවල මුස්ලිම් දේශපාලකයන් හා ජනාධිපතිවරයා අතර සම්බන්ධීකාරක වශයෙන් ක්‍රියා කරන බවද වාර්තා<a class="read-more" href="https://www.channelred24.com/%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%84%e0%b6%a7-%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a/"> […]</a>

Breaking News