කෝටි 1047 වංචා කරන්න අජිත් නිවාඩ්ගේ ඥාතීන් 04ක් ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම් වලට යොදවලා

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකු අධිපති ධුරය දැරූ සමයේදී ඔහුගේ සමීප ඥාතීන් හතර දෙනෙකුම බැඳුම්කර මිලදී ගන්නා ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම්වල ඉහළ නිලතල දරා ඇති බව බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවී තිබේ.

ඒ අනුව,

අජිත් නිවාඩ් මහතාගේ සොයුරිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය ප්‍රශ්නගත පර්පචුවල් කැපිටල් හෝල්ඩිංස් ආයනයේ අධ්‍යක්ෂවරියක් ලෙසත්

අජිත් නිවාඩ් මහතාගේ සොයුරා වන අමල් කබ්‍රාල් මහතා කමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත්

අජිත් නිවාඩ් මහතාගේ මස්සිනා කෙනෙකු වන රවීන්ද්‍ර තම්බයියා මහතා ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත්

අජිත් නිවාඩ් මහතාගේ තවත් ඥාති සහෝදරයකු වන නිහාල් ෆොන්සේකා මහතා කමර්ෂල් බැංකුවේ ඉහළ නිලධාරියකු ලෙසත් එම කාල සීමාව තුළ සේවය කර ඇති බව සඳහන්.

මෙම වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීමටත් පෙර සිටම එම වාර්තාවට එරෙහිව පුවත්පත් පිටු ගණන් ලිපි ලියමින් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා දැඩි විරෝධයක් දක්වා තිබීම ද විශේෂයක් විය.

2005-2015 කාලය තුල අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා මහින්ද රාජපක්ෂ මහතා එක්ව වංචා කළ බැඳුම්කර මුදල් ප්‍රමාණය රු. කෝටි 1047ක් බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කොරෝනා වෛරස අවධානම වලක්වා ගැනීමේ උපදෙස් මාලාව මෙන්න (PHOTOS).

Sun Jan 26 , 2020
චීනයේ පැතිර යමින් පවතින නව කොරෝනා වෛරස පිළිබඳ මෙරට ජනතාවද වැඩි අවධානයකින් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ඒ දකුණු ආසියානු රටවල් කිහිපයකටද එම වෛරසය සීග‍්‍රයෙන් ව්‍යාප්ත විම හේතුවෙන්. උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව, හුස්ම ගැනිමේ අපහසුතාව, දියර ලෙස මලපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ<a class="read-more" href="https://www.channelred24.com/%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92-1047-%e0%b7%80%e0%b6%82%e0%b6%a0%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%a2%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%80/"> […]</a>

Breaking News