කිසිදු මුස්ලිම් දේශපාලකයෙක් අත්අඩංගුවට ගන්න එපා..! ජනපති- අගමැති පොලිස් ප්‍රධානීන්ට දන්වයි.

කිසිදු මුස්ලිම් දේශපාලකයෙක් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොලිස් ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාව නියෝජනය කරන නීතිඥයා වන අලි සබ්රි මහතා වෙනත් පක්ෂවල මුස්ලිම් දේශපාලකයන් හා ජනාධිපතිවරයා අතර සම්බන්ධීකාරක වශයෙන් ක්‍රියා කරන බවද වාර්තා වේ.

මේ අතර පසුගියදා පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් රහස් පොලීසිය වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ඇති බවයි.

ඊට අමතරව අසාත් සාලි හා එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහතුන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිතව ඇති බව ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් මොනම හේතුවක් නිසාවත් කිසිදු දේශපාලකයෙක් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අංශ වලට උපදෙස් ලබාදී ඇති නිසා ඔවුන්ගෙන් ප්‍රශ්ණකර ප්‍රකාශ සටහන් කරගැනීමක් පමණක් සිදුවන බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

පොහොට්ටුවෙ සාරුවා සුනිල් අවුරුදු 15ක් හිරේට.

Fri Jan 17 , 2020
බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රා දේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට (සාරුවා සුනිල්) බරපතල වැඩ සහිත අවුරුදු 15ක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේය. ඊට අමතරව දැරියට ලක්ෂ දෙක හමාරක වන්දියක්ද තවත් රුපියල් 25000ක දඬයක්ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

Breaking News