උතුරු නැගෙනහිර දමිළ භාෂාවට මුල් තැන දිය යුතුබව විමල් වීරවංශ පිළිගනී (PHOTOS).

උතුරු – නැගෙනහිර දෙපළාතේ කටයුතුවලදි දමිළ භාශාවට ප්‍රමුඛත්වය පිරිණැමිය යුතු බව එම ප්‍රදේශ වල දේශපාලකයින් කලක පටන් සිදුකරන ඉල්ලීමකි.

එම ඉල්ලීම අනුව විමල් වීරවංශ මහතාගේ අමාත්‍යංශය යටතේ ඇති තල් සංවර්ධන මණ්ඩලයේ සෙල්වාරි තල් කෙදි නිශ්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් ඉදිකල නාම පුවරුවේ දමිළ භාෂාව ප්‍රමුඛව සඳහන් කිරීමට රජය ක්‍රියාකර ඇති අතර සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන වල දක්වා තිබේ.

මෙම නාමපුවරුව අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින්ම නිරාවරණය කිරීම විශේෂ සිදුවීමක් විය.

පසුගිය රජය සමයේදී උතුරු පළාතේ සිදුකල ව්‍යාපෘතීන් වල නාම පුවරු සවිකිරීමේදී දමිළ භාෂාව ප්‍රමුඛස්ථානයේ පිහිටුවීම සම්බන්ධයෙන් එවකට විපක්ෂය දැඩි විවේචන සිදුකලා.

උතුරු නැගෙනහිර පවතින හා වසා දමා ඇති රාජ්‍ය කර්මාන්තශාලා සමීපව නිරීක්ෂණය කරමින් එම ප්‍රදේශවල සිව්දින නිල සංචාරයක යෙදී සිටින කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (18) උදෑසන මෙම තල් සංවර්ධන මණ්ඩලයට අයත් තල් කෙදි නිෂ්පාදන මධ්‍යස්ථානයක් විවෘත කරනු ලැබුවේ ය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේෂ් නන්දසිරි, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ යන මහත්වරු ද සහභාගි වූහ.

ඉදිරියේ දී උතුරු පළාත තුළ මෙවැනි මධ්‍යස්ථාන 15කට වැඩි ප්‍රමාණයක් විවෘත කිරීමටත්, හේලීස් ආයතනය හා ගිවිසුම්ගතව දැනට ඔවුන් මාසිකව ආනයනය කරනු ලබන තල් කෙඳි ප්‍රමාණය වන ටොන් 50 මෙම මධ්‍යස්ථානය මගින් නිෂ්පාදනය කර ලබාදීමටත් තල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

සාර්ථක විද්යා පර්යේෂණ හතරක් ජාතික විද්යා පදනම විසින් මාධ්යයට හඳුන්වා දෙයි

Thu Jan 23 , 2020
බලශක්ති, ඩෙංගු ශාක දිලීර යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් පිරිසක් විසින් සාර්ථකව පර්යේෂණ කරමින් සොයාගන්නා ලද අලුත්ම විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳව තොරතුරු මහජනතාව වෙත මුදා හැරීම 2020 ජනවාරි 17 වැනි දින ජාතික විද්‍යා පදනමේ ශ්‍රවණාගාරයේ දී සිදු විය. මෙම මාධ්‍ය හමුවේ විශේෂත්වය වනුයේ පසුගිය දින ජාතික විද්‍යා පදනම විසින් පර්යේෂණ සඳහා<a class="read-more" href="https://www.channelred24.com/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%af%e0%b6%b8%e0%b7%92%e0%b7%85-%e0%b6%b7%e0%b7%8f%e0%b7%82%e0%b7%8f/"> […]</a>

Breaking News