ඉන්ධන මිල වැඩිකරන්න සිද්ධවේවි – පාඩුව ජනතාව දරාගත යුතුයි.

මේ වනවිටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබමින් පවත්වාගෙන යන බවත් ඉදිරියේදී ඉන්ධන මිළ ගණන්ද ඉහළ දැමීමට සිදුවන බවත් සම කැබිනට් ප්‍රකාශක අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය බවත් මේ වනවිට එය යම් මට්ටමකට පහළට පැමිණ ඇති නමුත් මෙරට තුළ ඉන්ධ මිල ගණන් ඉහළ දැමීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

දැනට රජය විසින් ඉන්ධන අලෙවි කරනුයේද පාඩු ලබමින් බවත් එම පාඩුව සමාන්‍ය ජනතාවට දැරීමට සිදුවන බවත් මෙහිදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

වැල්ලවාය පොහොට්ටු ප්‍රාදේශීය සභහවට ගස් අරහං

Wed Jan 15 , 2020
වැල්ලවාය බස් නැවතුම ආසන්නයේ ඇති ගස් හේතුවෙන් වෙළඳ සංකීර්ණය දිස් නොවන බව පවසා ඒවා කපා දැමීමට ප්‍රාදේශීය සභාව තීන්දු කර තිබේ. මේ තාක් තමන්ට සෙවණ දුන් ගස් කපා දමන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය අත්තනෝමතිකව කටයුතු කරන නිසා බව ඊට ප්‍රතිචාර දක්වන ප්‍රදේශවාසීහූ පවසති. ඉතා වියළි සහ ඌෂ්ණාධික වැල්ලවායට<a class="read-more" href="https://www.channelred24.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a/"> […]</a>

Breaking News